ක්ෂ්‍රද්‍ර ජීවී විද්‍යව -1 දිගහැරැම

ආයිබෝවන් හැමෝටම ඔන්න ඉතින් මුල්ම ලිපිය ලියන්නේ SFT ගැන .ක්ෂ්‍රද්‍ර ජීවී විද්‍යව ගැන තමයි මේක ලියන්න හිතුවෙ මේක කොටස් කිපයකට පළ කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම මේ හැම ලිපියක්ම PDF විදිහට බාගන්නත් ලින්ක් පහළින් දාන්නම්.

එහෙනම් යමු ලිපියට .මතක ඇතුව ඔයාගෙ ටෙක් කරන යාලුවත් එකක් Share කර ගන්න

ක්ෂ්‍රද්‍ර ජීවී විද්‍යව

පියවි ඇසට පැහැදිලිව හදුනාගත නොහැකි ජීවින් ක්‍ෂ්‍රද්‍ර ජීවීන් ලෙස හදුන්වයි.

ඉතින් අපි හැමෝම දන්නවා ක්ෂ්‍රද්‍ර ජීවීන් කියල කියන්නෙ පියවි ඇසට පැහැදිලිව හදුනාගත නොහැකි ජීවීන් ඉතින් අපි ඒ දේ ඉගෙන ගත්තෙ පොඩි පන්ති වලදී ඉතින් අපට එන ප්‍රශ්නයක් තමයි පියවි ඇස පේන්නෙ නැත්නම් මුන් පෙරේතයොද කුම්භාවඩයොද එහෙමත් නැත්නම් වෙන මොකක් හරි බලවේගයක්ද කියන එක.

ඉතින් ඇත්තටම එහෙම දෙයක් නෑ ක්ෂ්‍රද්‍ර ජීවීන් කියල කියන්නෙත් අපි හැමෝම වගේම ජීවීන් ව්ශේෂයක්

එහෙනම් ඇයි මෙයාලව අපට පෙන්නෙ නැත්තෙ ?

ඇත්තටම ඒක ගොඩක් හොද ගැටලුවක් ඒ එකට හේතුව අප‍ේ ඇස.අපේ ඇසට වි‍භේදන බලයක් කියල එකක් තියෙනවා.ඒක සංඛයාත්මකව ගත්තොත් 0.01mm ඉතින් ඔය ප්‍රමාණය තමයි සමාන්‍ය මිනිසෙකුට පේන අවම ප්‍රමාණය ඉතින් ඔයිට වඩා පොඩියි කියල කියන්නෙ පේන්නෙ නෑ.

ඉතින් ක්ෂ්‍රද්‍ර ජීවීන් කියල කියන්නෙ අන්න ඒ වගේ කාණඩයක් එහෙමත් නැතුව පෙරේතයොවත් කුබ්බාන්ඩයොවත් නෙමෙයි.ඉතින් අපි දැනවුත්ම හෝ නොදැනුවත්ම අපි වටේත් ක්ෂ්‍රද්‍ර ජීවීන් ඕන තරම් ඉන්නවා.ඔයාගෙ වටේ දැනුත් ඉන්නවා. දැන් ඉතින් වටපිට බැලුවට පෙන්නෙ නෑ…. 😅😅

හරි ඉතින් මෙතෙක් වෙලා මම ඔයාලට පැහැදිලි කර දෙන්න උත්සාහ කලේ ක්ෂ්‍රද්‍ර ජීවීන් අපේ ඇහැට පේන්නෙ නෑ කියන එක .

ගැටලුවක් ?

එහෙනම් කොහොමද විශ්වාස කරන්නේ මේ ලෝකෙ එහෙම ජාතියක් ඉන්නවා කියල. අැහැට පේන්න‍ෙ නැතනම්.

හරි අපි දැන් ඒ ගැන තමයි කතා කරන්න යන්නෙ

ඉතින් මේ ක්‍ෂ්‍රද්‍ර ජීවීන් ඉතා කුඩා නිසාම මෙයාලව මැනීමට අපි එදිනෙද භාවිතා කරන Cm,m වගේ ඒකක ප්‍රයෝගිකව භාවිතා කරන්න ටිකක් අමාරැයි.

අන්න ඒ නිසා අපි මේ සදහා මයිකොමීයර් හා නැනෝමීටර වගේ ඒකක පාවිච්චි කරනවා.

මයිකොමීටර 1 = මීටර 1*10-6 

නැනෝමීටර 1 = මිීටර 1*10-9

 

ඉතින් මේ පාඩමේ හැදීවීමක් විතරයි පාඩම ඉදිරි ලිපියෙන් කතා කරමු. එතකන් හැමොටම ජය ‍ වේවා !

ලිපිය ගැන හිතෙන දේවල පහළින් Comment එකක් දාන්න…

 

 

 

Follow Me

Admin (Asela)

මම කැමති මම දන්න  දේවල් දන්න විදිහට අනික් අයට කියාදෙන්න අන් එ් නිසයි මම මගේ යාලුවොත් එක්ක එකතු  වෙලා  මේ වගේ දෙයක් කරන්න හිතුවෙ. ඉතින් සයිට් එක Technology විෂය කරන අයට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. මම අසේල

සයිට් ගැන හෝ  වෙනත්  ඕනෑම ගැටලුවක් Social Media හරහා හෝ infoaselalk@gmail.com ලිපිනයට හෝ අපගේ වෙබ් අඩවියේ නිල E-mail ලිපිනයට යොමු කරන්න (admin@techlogiclk.com)
Follow Me
%d bloggers like this: