
දේශීය කර්මාන්ත වර්ගීකරණය ගැන මේ ලිපිය තුළින් කතා කරමු.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන කර්මාන්ත වර්ග ලෙස ලාක්ෂා,බීරලු, බතික් ඇගලුම් ගඩොල් වැනි කර්මාන්ත හදුන්වා දිය හැක.
ඉතින් මෙලෙස වන කර්මාන්ත විවිධ නිර්ණායක පදනම් කරගෙන කොටක් කිපයක බෙදා දක්වන්න පුලුවන්
ඒ නිර්ණායක තමයි
- නිෂ්පාදන ස්වරූපය
- කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය
- ස්ථානීය ස්වභාවය
- නිෂ්පාදන සිදු කෙරෙන ආකාරය
නිෂ්පාදන ස්වරෑපය
නිෂ්පාදය ස්වරූපය මත දේශීය කර්මාන්ත වර්ගීකරණය කිරීමේදී මහ බැංකු වාර්තා වලට අනුව
- පතල් හා කැනීම්
- ද්‍රව්‍ය සැකසීම්
- නිමි භාණ්ඩ සැකසීම්
- අලුත්වැඩිහා හා නඩත්තු සේවා
විදිහට වර්ගීකරණය කරන්න පුලුවන්
- පතල් හා කැනීම් කියල කියන්නේ මිනිරං මැණික් වැනි කර්මාන්ත
- ද්‍රව්‍ය සැකසීම ගණයට තේ පොල් රබර් වැනි දේශිය කර්මානත් අයත් වෙනවා
- නිම් භාණ්ඩ සැකසීම් ගණයට ගෘහ භාණ්ඩ, පිගන් , සපත්තු ජෑම් වැනි කර්මාන්ත ගන්න පුලුවන්
- අලුත් වැඩිහා හා නඩත්තු සේවා ගණයට වාහන ගොඩනැගිලි හා ප්‍රවාහන වගේ දේවල් අයත් වෙනවා
ඉතින් ඔන්න ඔය විදිහට තමයි නිෂ්පාදන ස්වරූපය අනුව කර්මානත් වර්ගීකරණ වෙන්නේ
අපි ඊලගට බලමු කොහොමද කියලා කර්මාන්ත ව්ය්රහයේ පර්මාණය අනුව කර්මාන්ත වර්ගීකරණය සිදු කරන්නේ
කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය
මෙතනදි ප්‍රධාන සාධක දෙකක් පෙන්වා දෙන්න පුලුවන්
- කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කර්මාන්ත පරිඹාණය අනුව වර්ගීකරනය කරනු ලබන්නේ යොදවා ඇති ප්‍රාග්ධන ප්‍රමාණය අනුවයි.
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කර්මාන්ත පරිමාණය අනව වර්ගීකරනය කරනු ලබන්නේ විදුලි පරිභොජන ප්‍රමාණය අනුව
ඉතින් මේ අනුව
කර්මාන්ත ප්‍රධාන කොටස් 2 කට බෙදා දක්වන්න පුලුවන්
- සුලු හා මධ්‍ය පරිමාණ
- මහා පරිමාණ
ස්ථානීය ස්වභාවය අනුව
ස්ථානීය ස්වභාවය අනුව කර්මාන්ත ප්‍රධාන කොටස් 2 කට බෙදන්න පුලුවන්
- ගෘහ කර්මාන්ත
- කර්මාන්තශාලා
එතනදි ගෘහ කර්මාන්ත කියල කියන්නේ පාරමපරියක සාම්ප්‍රදායික භාණ්ඩ හා ශ්‍රම ශක්තිය උපයෝගී කරගෙන ගෘහස්ථව සිදු කරනු බලන කර්මාන්ත ලෙස හදුන්වා දෙන්න පුලුවන්
උසස් ශිල්පීය ක්‍රම වගේම නවින තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර භාවිතයට ගනිමින් කර්මාන්තශාලා වල නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබනවා.
නිෂ්පාදය සිදු කෙරෙන ආකාරය අනුව 




මෙය ප්‍රධාන වශයෙන් කොටස් තුනකි.
- පූර්ණ මිනිස් ශ්‍රමය හෝ මිනිසා විසින් හදුරවනු ලබන යන්ත්‍ර
- අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍ර
- පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර
වශයෙන්
ඉතින් එහෙනම් තවත් මේ වගේම ලිපියකින් හමුවෙමු .සුභ දවසක් !
ඉන්ජිනේරු තාක්ෂණවේදය හා සම්බන්ධ සියලු ලිපි |
Other Educational Links:
- E-Thaksalawa – www.e-thaksalawa.moe.gov.lk
- Educational Publications Department – www.edupub.gov.lk
- 2020 ET Model Paper - September 3, 2020
- 2020 SFT Model Paper - September 3, 2020
- ඉදිකිරීම් සදහා ගඩොල් භාවිතය | E.TECH - March 30, 2020
ලිපිය වලට Comment කරන්න හා අලුත් ලිපි එසැනින් දැන ගන්න කැමති කට්ටිය සයිට් එකේ Register වෙන්න අමතක කරන්න එපා