
ප්‍රොටොසෝවා ගැන කෙටියෙන්..
මොවුන් ඒක සෛලික, සූ න්‍යෂ්ටික සැබෑ සෛල බිත්ති රහිත රසායනික විෂමපෝෂින් වන අතර මොවුන් තෙත පසේ , ජලජ පරිසරයේ හා සත්ව දේහ ආශිතව දැක ගත හැක.
ප්‍රොටොසෝවා සදහා උදාහරණ
-
-
-
- ඇමීබා
- පැරමීසියම්
- ඉවුග්ලිනා
-
-







ප්‍රාථමික සත්වයින් වන මොවුන් විෂමපෝෂී මෙන්ම ස්වායු ජීවීන් වේ .නමුත් සතුන්ගේ ආහාර මාර්ගවල ජීවත් වන ප්‍රොටොසෝවාවන් නිර්වායු වේ. සත්වයන් වුවත් ප්‍රභාසංස්ලේෂණය සිදු කරන ප්‍රොටොසෝවාවන් පවතින අතර ඔවුන් කාණ්ඩ 2කි .
-
-
-
-
-
- Dinoflagllate
- Euglina ( ඉයුග්ලිනා )
-
-
-
-
සෛල බිත්ති නොමැති වුවද ඇතැම් ප්රොටොසොවාවන්ගේ සෛලීය ආරක්ෂාව පිණිස තුනී ආවරණයක් ( pellicle ) සෛලය වටා ඇත. එමනිසා මොවුන්ට ප්ලාස්ම පටලය හරහා ආහාර අධිග්රහණය කල නොහැකි අතර මොවුනගේ ආහාර අධිග්‍රහණයට Cytome නම් ව්‍යුහයක් ද ජීර්ණ අපදුව්‍ය පිට කිරීමට ගුද විවරයද භාවිතා වේ.
ඝන ආවරණ නොමැති ප්‍රොටොසෝවාවන් ව්‍යාජ පාද මගින් ආහාර අධිග්රහණය කර ඒවා රිකත තුළට උකහා ගනී.මෙම ක්‍රියාවලිය භක්ෂ සෛලතාවය නම් වේ.ඒවා ජීර්ණයෙන් පසුව ප්ලාස්ම පටලය හරහා පරිසයට මුදා හරී.
ඉහත කරුණු වලට අනුව ප්රොටොසෝවාගේ ලක්ෂණ පහත පරිදි කෙටි කර දැක්විය හැක.
- ඒක සෛලික වේ.
- සූන්යෂ්යික වේ.
- සැබෑ සෛල බිත්ති රහිතයි.
- රසායනික විෂමපෝෂින් වේ.
- මොවුන් වාසය කරන ස්ථාන
- ජලජ පරිසරයේ
- තෙත පසේ
- සත්ව දේහ ආශිතව
- ප්‍රජනන ආකාර
- ලිංගික ප්‍රජනනය
- ද්වී ඛණ්ඩනය
- බහු ඛණ්ඩනය
- අංකුරණය
- අලිංගික ප්‍රජනනය
- සංයුග්මනය
- ලිංගික ප්‍රජනනය
- ස්වායු ජීවීන් වන අතර ආහාර ජීර්ණ පද්ධතිය තුළ ජීවත් වන ප්රෙටොසෝවාවන් නිර්වායු වේ.
- ප්‍රභාසංස්ලේෂණය කරන ප්රෙටෝසෝවාවන් කාණ්ඩ
- Dinoflagllate
- Euglina (ඉයුග්ලිනා)
- ඇතැම් පොටොසෝවාවන්ගේ සෛල ආරක්ෂාව පිණිස තුනී ආවරණයක් පිහිටන අතර ඔවුන්ට ප්ලාස්ම පටලය හරහා ආහාර අධිග්රහණය කළ නොහැකි නිසා ඒ සදහා Cytostome නම් වූ ව්‍යූහයක් ඔවුන්ට පිහිටයි.
- ඝන ආවර්ණ නොමැති ප්‍රොටොසෝවාවන් ව්‍යාජ පාද මගින් ආහාර අධිග්රහණය කර රික්තක තුළට උකහා ගනී.(භක්ෂ සෛලතාවය)
ක්ෂ්‍රද්‍ර ජීවී විද්‍යාව හා සම්බන්ධ තවත් ලිපි :
ක්ෂුද්‍ර ජීවීන් සාර්ව ව්‍යාප්තියට හේතු |
ක්ෂුද්‍ර ජීවීන්ගේ පෝෂණය |
දිලීර |
ප්‍රොටොසෝවා ගැන |
නයිට්රජන් තිර කිරීම |
ක්ෂුද්‍ර ජීවී විද්‍යාව හා සම්බන්ධ සියලු ලිපි |
Other Educational Links:
- E-Thaksalawa – www.e-thaksalawa.moe.gov.lk
- Educational Publications Department – www.edupub.gov.lk
- 2020 ET Model Paper - September 3, 2020
- 2020 SFT Model Paper - September 3, 2020
- ඉදිකිරීම් සදහා ගඩොල් භාවිතය | E.TECH - March 30, 2020
ලිපිය වලට Comment කරන්න හා අලුත් ලිපි එසැනින් දැන ගන්න කැමති කට්ටිය සයිට් එකේ Register වෙන්න අමතක කරන්න එපා