About Us – මෙතෙක් ආ ගමන් මග

2018 සිට අවුරුදු දෙකක් අප ආ ගමන් මග ගැන මෙසේ සටහනක් තැබීමට කැමතියි.

අපි මේ Platform එක පටන් ගන්නේ 2018 දී .ඔවු ඇත්තටම අපි මූලිකව පන්තියේ යාලුවොත් එක්ක කතා කර කර ඉන්න අතර හිතට ආපු අදහසක් යාලුවො සෙට් එකක් එකතු වෙලා එකතු වුන අදහස් ගොඩක් එක්ක තමයි මේ ගමන පටන් ගන්නෙ.

මේ Platform එක පටන් ගන්නකොට ඉදපු හැමෝම අද Platform එකේ නැති වුනත් ඉන්න අපි කිහිප දෙනාට පුලුවන් වෙලා තියෙනවා අද මසකට දහස් ගණනක් දෙනා ලිපි කියවන හා Notes Download කරන Platform එකක් නිර්මාණය කරන්න.

අපේ සයිට් එක ගැන කතා කලොත් ප්‍රධාන වශයෙන් මෙහි Section 2 ක් අන්තර් ගත වෙනවා

  • Download Section එක
  • Article Reading Section එක

Download Section එක Past papers, Model Papers , Notes වගේ දේවල්  Download කර ගැනීමට හැකියාව පවතිනවා. මෙහි තියෙන බොහෝ pdf අපි නිර්මාණය කරපුවා නෙමෙයි . ඉතින් ඕන කෙනෙක්ට පුලුවන් තමන් විසින් නිර්මාණය කරපු ඒත් තමන් එය අපේ සයිට් එක හරහා බෙදා හැරීමට අකමැතිනම් ඕනෑම වෙලාවක එම pdf සයිට් එකෙන් ඉවත් කිරීමට ඉල්ලීම් කරන්න.

Article Reading Section එකේ තියෙන Articles බෙහෝ දුරට අපගේ කතෘ මණ්ඩලය විසින් ලියන ලිපි අන්තර්ගත වෙනවා. ඉතින් එම ලිපි උපුටා ගැන‍ීමේදී ඔවුනව සදහන් කිරීමක් සහිතව උපුටා ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.