ඉදිකිරීම් සදහා ගඩොල් භාවිතය | E.TECH

ඉදිකිරීම් සදහා ගඩොල් භාවිතය පිළිබදව මේ ලිපයෙන් අපි සාකඡ්ඡා කරමු.

මුලින්ම බලමු හොද ගඩොලක් තෝරා ගන්න පුලුවන් නිර්ණායක එහෙමත් නැත්නම් ගඩොලක ඉන්ජිනේරුමය ගුණාංග මොනවද කියන එක.

ගඩොලක ඉන්ජිනේරුමය ගුණ

  • සෘජු දාර සහිත විය යුතුයි.
  • මුහුණත් සමතල විය යුතුයි
  • ඉරිතැලීම් පිපිරීම් වලින් තෙර විය යුතුයි.
  • ගඩොල් දෙකක් එකට ගැටීමේදී ලෝහ හඩක් නිකුති විය යුතුයි.
  • ගඩොලක සමාන්‍ය බර 2 Kg පමණ විය යුතුයි.

ඉතින් මූලික වශයෙන් අපිට පුලුවන් මෙන්න මේ වගේ ලක්ෂණ භාවිතා කරලා හොද ගඩොලක් හදුනා ගන්න ඊට අමතරව ගඩොලක හරස්කඩ පරීක්ෂාවෙන් වගේම ගඩොලක් 1.2 m පමණ උසක ඉදලා අතහැලත් හොද ගඩොලක්ද කියලා අපිට නිගමනය කරන්න පුලුවන්.


යමි කිසි ගඩොලක පරීක්ෂා කලා ට පස්සෙ දුඔුරු පාට රතු වර්ණයකින් හරස්කඩ පෘෂ්ඨය පුරා විසිරිලා තියෙනවා නම් අපිට පුලුවන් ඉහත කරුණුත් සළකා බලල ‍හොද ගඩොලක්ද කියලා නිර්ණය කරන්න.

ඒ ව‍ගේම ගඩොලක ඔලුව පත්ත බිමට පතිත වන විදිහට අතහැරියොත් 1.2m පමණ උසක ඉදලා ඒ ගඩොල කැඩී යනවා නම්

ඒය හොද ගඩොලක් නෙමෙයි කියලා නිගමනය කරන්න වෙනවා. නියමිත ප්‍රමිතියට අනුව හදලා තියෙනවා නම් ඒ වගේ උසක සිට අතහැරියාම නොකැඩී තිබීම වැදගත්.

ඊලගට අපි බලමු ගඩොලක කොටස්

ගඩොල් කොටස්

 

  • A – ග‍ඩොල
  • B – ආනබාන්දුව
  • C – මා බාන්දුව
  • D – පට්ටම් බාන්දුව
  • E – මයිටර් බාන්දුව
  • F – ගල් භාගෙ
  • G – ගල්තුන්කාල (3/4)
  • H – පට්ටමා භාගය
  • I – වටනාස් ගඩොල

 

 

 

හරි ඔය තමයි ඉංජිනේරු තාක්ෂණවෙදය හදාරන අපි දැනගන්න ඕනවන ගඩොල් වල කොටස් .ඊළගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ගඩොල් බැමි ගැන.

ගඩොල් බැමි

මුලින්ම මොකක්ද මේ ගඩොල් බැම්මක් කියන්නෙ ?

තිරස් කුස්තුර සන්නතිකව නොයෙදෙන සේ බැම්මක ගඩොල් එළීම ගඩොල් බැමිමක ලෙස හදුන්වන් පුලුවන්.

තිරස් කුස්තුර ? සන්තතිකව ? මොක්කද ඒ කිව්වෙ .. හරි අපි තව දුරටත් ඒක මේ විදිහට පැහැදිලි කර ගමු.

බැම්මක් කියලා කියන්නේ බැදීමක්.ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී බැම්මක් ලෙස හදුන්වනු ලබන්නේ ඒකක එකිනෙක අතර බැදීමක් ඇතිවන පරිදි යම් කිසි රටාවක කරනු ලබන ඉදිකිරීමක්.ගඩොල් වගේ දෙයකට එකිනෙකා අතර බැදී සිටින්න එහෙමත් නැත්නම් ස්වභාවික බැදීමෙ හැකියාවක් නෑ.

අන්න ඒ නිසා ගඩොල් කිසියම් රටාවකට ඇතිරීමක් මගින් තමයි අපට බැදීමක් ඇති කරන්න වෙන්නෙ ඉතින් මේ විදිහට ගඩොල් එකිනෙක ඇතිරීමේදී ගඩොල් අතර මූට්ටු (සිරස් කුස්තුර) එකෙල්ලේ නොයෙදෙන්න වග බලා ගන්න ඕන.

පහත රූපය බලන්න

ගඩොල් බැමිමක බලය බෙදී නොයාම

 

මේ රූපයේ විදිහට ගඩොල් එලීම සිදුකළහොත් බලය බෙදීයාමක් නිවැරෙදිව සිදුවන්නේ නෑ.

එම නිසා ගිලා බැසීම් වැනි දෑ ඇති වෙන්න පුලුවන්.

ගඩොල් බැමිමක නිවැරෙදි ලෙස බලය බෙදී යන ආකාරය

 

නිවැරෙදිව බලය බෙදී යන්න අවශයනම් පහත රූපයේ විදිහට සිරස් කුස්තුර සන්නතිකය නොයෙදෙන සේ ගඩොල් එළීම වැදගත්.

 

 

 

ගඩොල් බැමිවල යෙදෙන වචන හා ගඩොල් බැමි ගැන ඉදිරි ලිපි වලින් කතා කරමු.

ඉංජිනේරු තාක්ෂණවේදය සම්බන්ධ තවත් ලිපි:

ඉංජිනේරු තාක්ෂණවේදය සම්බන්ධ සියලු ලිපි

Other Educational Links:

1 Comment

  1. ලිපිය වලට Comment කරන්න හා අලුත් ලිපි එසැනින් දැන ගන්න කැමති කට්ටිය සයිට් එකේ Register වෙන්න අමතක කරන්න එපා

Comments are closed.