ICT Lesson 13: චිත්තවේග පරිගණක

චිත්තවේග පරිගණක යනු උසස්පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විශයේ අවසාන පාඩම එහෙමත් නැත්නම් 13 පාඩමේ එන සංකල්පයක්.

අපි මෙහෙම හිතමු,
 
කිසියම් පරිගණකයකට පුලුවන් වෙනවා මිනිසෙකුගේ සිතුවිලි එහෙමත් නැත්නම් චිත්තවේග හදුනාගෙන ,
 
ඒම සිතුවිලි වලට ගැලෙපන ලෙස ප්‍රතිචාර දක්වන්න අන්න ඒ වගේ පරිගණක චිත්තවේග පරිගණක ලෙස හදුන්වන්න පුලුවන්.
ICT lession 13 Full Note

Techlogiclk විසින් සම්පාදිත 13 පාඩමේ සම්පූර්ණ Note එක පහතින් Download කර ගන්න පුලුවන්.

ඉතින් මෙතනදි අපි හැමෝටම වගේ එන ප්‍රශ්නයක් තමයි පරිගණකයක් කොහොමද මිනිසෙකුගේ සිතුවිල් හදුනා ගන්නේ කියන එක.

ඇත්තටම කොහොමද ?

මේ කරුණු ඔයාලට සාමාන්‍ය ජීවිතයේ උදාහරණයක් ඇසුරෙන් බොහොම පහසුවෙන් පැහැදිලි කරන්න පුලුවන්.

සාමාන්‍ය ජීවිතයේදී ඔයා ඉදිරියට එන ඔයාගෙ යාලුවෙක් ගැන හිතුවොත් ඔයාට පුලුවන් ඔයා ඉස්සරහට එන යාලුවා දිහා බලලා යාලුවා මේ වෙලාවෙ මොන වගේ මානසික තත්වයකද ඉන්නෙ කියලා දල අදහසක් ගන්න.

උසස්පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂන විශයේ එන අවසාන එක්කයේ දී අපට හමුවන මාතෘකාවක් වෙන චිත්තවේග පරිගණක

ඒ කියන්නෙ යාලුවා මේ වෙලාවෙ ඉන්නෙ, දුකකින්ද, සතුටින්ද එහෙමත් නැත්නම් මොකක් හරි දෙයකට බයකින් ද  වගේ

ඇත්තටම එහෙම වුනේ කොහොමද ?

ඔයා කොහොමද තවත් කෙනෙකුගේ හැසිරීම දිහා බලලා එයා ගේ මානසිකත්ව ගැන හොයා ගත්තෙ?

උසස්පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂන විශයේ එන අවසාන එක්කයේ දී අපට හමුවන මාතෘකාවක් වෙන චිත්තවේග පරිගණක

සරලව කියනවා නම් ඒක තමයි අපේ මොලේ තියෙන බලේ..

 තව ටිකක් විස්තර කරනවා නම් ඒක වුනේ මෙන්න මෙහෙමයි.

යාලුවා ඔයාගෙ දිහාට එද්දි ඔයාගෙ ඉන්ද්‍රියන් වලින් මෙන්න මේ වගේ දේවල් ග්‍රහණය කර ගන්නවා.

  • යාලුවා හැසිරෙන ස්වරූපය
  • මුහුණේ ස්වරූපය
  • කටහඩේ ස්වභාවය වගේ දේවල්

ඊට පස්සේ මේ දේවල් ඔයාටත් නොදැනීම ඔයාගෙ මොලය විසින් සකස් කිරීමට ලක් කරලා ඒ තොරතුරු වගේම කලින් මොලයේ තිබ්බ තොරතුරු ත් , ඔයාගෙ අත්දැකීමුත් එකට එකතු කරලා යම් යම් නිගමන වලට එනවා.

සමහර වෙලාවට ඔයා ඔයාගෙ යාලුවත් එක්ක ඊයේ දිනයේ කතා කරපු දේවලුත් මේ අවස්ථාවේදී ඔයාගෙ මොලයේ ගබඩා වෙලා තියෙනවා නම් මේ විදිහට තීරණ ගන්න ඒ විස්තරත් උදව් වෙනවා.

welcome

ඔන්න ඔය විදිහට තමයි ඔයා ඔයාගෙ යාලුවා දිහා බලලා නිගමන වලට එන්නෙ

ඉතින් ඔය මම සරලව පැහැදිලි කරන සිද්ධිය තමයි අපි මේ කතා කරන චිත්තවේග පරිගණක වලත් භාවිතා වෙන්නෙ.

මේ පරිගණක වලදිත්,

  • කැමරාවක් භාවිතයෙන් පුද්ලගයාගෙ හැසිරීම් පිළිබඳව තොරතුරුත්
  • මයිකෝන් භාවිතයෙන් කටහඩ වැනි තොරතුරුත්
  • සංවේදක මගින් ශරීරයේ වෙනස්කම් (හද ගැස්ම වැනි තොරතුරු)

වගේ තොරතුරු අරගෙන ඒවා කෘතිම බුද්ධිය මගින් සකස් කිරීම් වලට භාජනය කරලා පුද්ගලයාගේ හැඟීම් ගැන අවබෝධයක් ගැනීමයක් සිදුකරනවා

ඒ වගේම ඒ ඒ හැඟීම් වලට ගැලපෙන විදිහට ඒ ඒ අවස්ථාවලට ප්‍රතිචාර දක්වන්නත් මේ පරිගණක වලට පුලුවන්.

ඉතින් ඔයාලත් ඔයා දන්න චිත්තවේග පරිගණක භාවිතා කරන අවස්ථා පහලින් Comment කරගෙන යන්න.

අපි ඒ ගැනත් ඉදිරි ලිපි වලින් කතා කරමු.

අපේ ලිපි ඉක්මණට දැනගන්න. අපේ Facebook Page එකත් එකතු වෙන්න.

ICT lession 13 Full Note

Techlogiclk විසින් සම්පාදිත 13 පාඩමේ සම්පූර්ණ Note එක පහතින් Download කර ගන්න පුලුවන්.