SFT Paper Structure එක ගැන දැන ගනිමු

Sponsor Ad :

SFT Paper ලකුණු බෙදිලා යන්නෙ කොහොමද? වැඩිපුර ලකුණු ලැබෙන්නෙ පාඩම් මොනවද ? වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වගේම SFT Paper Structure එක පැහැදිලි කරන්න තමයි මේ ලිපිය ලියන්නෙ.

ලිපියේ අන්තරගතය (SFT Paper Structure)

I පත්‍රය (MCQ Paper) – කාලය පැය 2

කෙටියෙන් කියනවා නම් 1 වෙනි ප්‍රශ්න පත්‍රය තමයි ඔයාට ලකුණු ගන්න තියෙන හොදම තැන. ලේසිමයි කියලා කියන්නත් බෑ. හැබැයි හරියට හිතලා ගේමක් ගැහුවොත් ගොඩදාන්න පුලුවන්. මොකද MCQ 1 හරියට ගැහුවා කියන්නෙ සම්පූර්ණ ලකුණු වලින් 1 ලකුණක් විදිහට ඔයාට ලැබෙනවා.

35 mcq = මුලු ලකුණු 35 ක් .

ඉතින් මේ පේපර් එකේ උත්තර 5ක් එක්ක එන ප්‍රශ්න 50 ක් තියෙනවා කියලා ඔයාල දැනටමත් දන්නවා ඇති කියලා හිතනවා. දන්නෙ නැත්නම් දැන ගන්න.

Paper එකට ලකුණු හදන කොටනම් එක ප්‍රශන්නෙකට ලකුණු 2 බැගින් මේ Paper එකට ලකුණු 100 ක් ලබා දෙනවා. හැබැයි ඒක ආයි දෙකෙන් බෙදෙන නිසා මම කලින් කිව්වා වගේම 1 MCQ එකකට එක ලකුණක් තමයි වැටෙන්නෙ.

ලකුණු හැදෙන විදිහ හරියටම ඕනෙනම් තව ඉස්සරහට කියන්නම්.

ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇති MCQ ප්‍රශ්න පත්‍රයේ ලකුණු කොච්චර වටිනවදකියන එක.

ඔයාට මේකෙ වටිනාකම තවත් තේරෙයි 2 පත්‍රයේ ලකුණු දෙන විදිහ ගැන දැනගත්තහම.

Remember
දැන් බලමු කොහොමද MCQ Paper එක විශය කොටස් සමඟ බෙදිලා යන්නෙ කියලා.

2019 නිකුත් කරපු මූලාකෘති ප්‍රශ්න පත්‍රයට අනුව මෙන්න මේ විදිහට තමයි MCQ ප්‍රශ්න පාඩම් අපිට තියෙන ප්‍රධාන විශය කොටස් වන ජීව විද්‍යාව, රසායන විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය. ගණිතය වගේම භෞතික විද්‍යාව කියන විශයන් වලට බෙදිලා යන්නෙ.

  • ජීව විද්‍යාව – 5
  • රසායන විද්‍යාව – 13
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – 10
  • ගණිතය -10
  • භෞතික විද්‍යාව – 12
MCQ Paper එකෙන් කොච්චර ලකුණු ගන්න පුලුවන් ද ?

මේකට මම උත්තර කලින් දුන්නා!. හැබැයි මම ආයිත් මතක් කරන්නම් ඔයාට පුලුවන්නම් MCQ 50 ම ගොඩදාන්න කිසි ගේමක් නැතුව ඔයාට පුලුවන් ලකුණු 50ක් ම ගෙඩි පිටින් ගන්න.

II පත්‍රය ගැන දැනගමු. (කාලය පැය 3)

දැන් අපි බලමු II පත්‍රය ගැන විස්තර ටිකක්.

remember Patience

මේ ප්‍රශ්න පත්‍රයට ඔයාට ලැබෙන්නෙ පැය 3ක කාලයක්, ඊට අමතරව අමතර කියවීම් කාලය විදිහට විනාඩි 10 ක් ලැබෙනවා. ඒ කාලය ප්‍රශ්න ටික හොදට කියවලා පේපර් එක තේරුම් ගන්න භාවිතා කරන්න පුලුවන්නම් වටිනවා.

II පත්‍රය ගත්තට පස්සෙ II පත්‍රයේ A,B,C,D විදිහට කොටස් 4ක් තියෙනවා. අපි මුලින්ම බලමු A කොටස හෙවත් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය ගැන.

A කොටස (ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය)

ව්‍යූහගත රචනා ප‍්‍රශ්න පත්‍රය ගත්තහම ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ප‍්‍රශ්න හතරටම පිළිතුරු සැපයිය අනිවාර්යයි වගේම ඉතා වැදගත්‍.

එක් ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට ලකුණු 100 බැගින් මුලු ලකුණු 400 ක් දක්වා ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයෙන් ලබාගන්න ඔයාට පුලුවන්.

විෂය ක්‍ෂේත‍්‍ර අනුව ව්‍යුහගත රචනා ප්‍රශ්න බෙදී යන ආකාරය :

1 වන ප‍්‍රශ්නය – ජීව විද්‍යාව
2 වන ප‍්‍රශ්නය – රසායන විද්‍යාව
3 වන ප‍්‍රශ්නය – භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව
4 වන ප‍්‍රශ්නය – භෞතික විද්‍යාව

ඉතින් ඔන්න ඔය විදිහට තමයි බෙදිලා යන්නෙ. මෙතනදි ඔයාට ජීව විද්‍යාව කොටස් හරියට පාඩම් කරලා තියෙනවා නම් බොහොම පහසුවෙන් ලකුණු ගන්න පුලුවන් වෙනවා.

B,C ක්‍ හා D කොටස (රචනා ප්‍රශ්න පත්‍රය)

රචනා ප‍්‍රශ්න දෙක බැගින් ප‍්‍රශ්න හයක් තියෙනවා මෙතනදි එක් කොටසකින් අවම වශයෙන්
එක් ප‍්‍රශ්නය බැගින් තෝරා ගෙන ප‍්‍රශ්න හතරකට පිළිතුරු ලියන්න ඕනෙ.

patalwa

Sponsor Ad :

තව ටිකක් පැහැදිලා කරනවා නම් ,

B කොටසට අදාලට ප‍්‍රශ්න අංක 5 සහ 6 ලෙස ඔයාට හම්බෙනවා ගණිතය ප්‍රශ්න 2ක්,
C කොටසට අදාලව ඔයාට හම්බෙනවා ප්‍රශ්න අංක 7 සහ 8 විදිහට රසායන විද්‍යාව ප්‍රශ්න 2 ක්,
ඒ වගේම D කොටසෙදි ඔයාට හම්බෙනවා ප‍්‍රශ්න අංක 9 සහ 10 විදිහට භෞතික විද්‍යාව ප්‍රශ්න දෙකක්.

දැන් ඔයා ප්‍රශ්න තොරගන්නකොට ඔයාට කරන්න තියෙන්නෙ මුලින්ම,
B,C,D යන කොටස් වලින් එක ප්‍රශ්නෙ ගානෙ තොරන්න ඕනෙ ඒක අනිවාර්යයි. ඒ විදිහට එක ප්‍රශ්නෙ ගානෙ තොරපුවහම ඔයා මෙතෙක් තෝරපු නැති තව ප්‍රශ්න 3 ත් ඉතිරි වෙනවා.

ඔන්න දැන් ඔයාට නිදහස තියෙනවා ඒ ප්‍රශ්න තුනෙන් කැමති ප්‍රශ්නයක් තෝරලා පිළිතුරු ලියන්න. ඒ විදිහට ඔයාට පුලුවන් ඔයාගෙ ප්‍රශ්න 4 සම්පූර්ණ කර ගන්න.

මතක තියා ගන්න ඔයා උත්තර ලියන්න අවශය ප්‍රශ්න 4 කට විතරයි. හැබැයි ඒ හතර තොරාගන්න ඕනෙ ඔය උඩ කියපු පිළිවෙළට.

මේ පේපර් එකේදි එක ප්‍රශ්නයකට ලකුණු 150 බැගින් ලකුණු 600ක් සම්පූර්ණයෙන් රචනා ප්‍රශ්න පත්‍රයට ලැබෙනවා.

විෂය ක්‍ෂේත‍්‍ර අනුව ප‍්‍රශ්න බෙදී යන්නෙ මෙහෙමයි :

  • B කොටස (ප‍්‍රශ්න අංක 5 සහ 6 ) – ගණිතය
  • C කොටස (ප‍්‍රශ්න අංක 7 සහ 8 ) – රසායන විද්‍යාව
  • D කොටස (ප‍්‍රශ්න අංක 9 සහ 10 ) – භෞතික විද්‍යාව
මුලු ලකුණු ගණනය කරන විදිහ

ඉතින් මම විස්තර කරපු විදිහට ව්‍යුහගත එකෙන් ලැබෙන ලකුණු 400 යි. රචනා ප්‍රශ්න පත්‍රයෙන් ලැබෙන ලකුණු 600 එකතු කරලා මුලින්ම ලකුණු 1000 ට හදා ගන්නවා.

  1. ඊට පස්සෙ ඒ 1000 බෙදනවා 10න් එහෙම බෙදලා II පත්‍රයේ ලකුණු 100 ට හදාගන්නවා.
  2. ලිපියෙ මුලදි පැහැදිලි කලා වගේම MCQ Paper එකෙත් ලකුණු ප්‍රමාණය 2න් වැඩිකරලා 100 ට හදාගන්නවා.

ඊට පස්සෙ 1 හා 2 කියන අවස්ථා දෙකේ 100 දෙක එකට එකතු කරලා ලකුණු 200 හදලා ඒක ආයි 2 බෙදලා ලකුණු 100 ට පේපරේ හදනවා.

සාරංශය තමයි ඔයා ඔයාට මුලු පේපර් එකේම 1 ලකුණක් වැඩි කරගන්න ඕනෙනම් ඔයාට සිද්ද වෙනවා රචනා හෝ ව්‍යුහගත එකේ ලකුණු 10 ක් වැඩි කර ගන්න.

හැබැයි MCQ Paper එකේ එකක් හරි ගියා කියන්නෙ කෙලින්ම ඒ ලකුණ ඔයගෙ මුලු ලකුණු වෙලට එකතු වෙනවා. එන්න එකයි මුලින්ම කිව්වෙ MCQ තමයි වැදගත් කියලා.

ඉතින් දැන් ඔයාලට SFT Paper Structure ගැන හොද අවබෝධයක් ලැබුනා කියලා හිතනවා. ඔයාට කැමතිනම් ඔයාගෙ අදහස් අපට එවන්න අමතක කරන්න එපා.

එහෙනම් ඔකයි විස්තරේ තවත් ලිපියකින් හම්බවෙමු !.

තව ලිපි කියන්න – > techlogiclk.com/blog

Useful Website

Sponsor Ad :